රක්ෂිත බන්ධනාගාරගත කර සිටි බලංගොඩ කස්සප හිමි අධිකරණයට
26 November 2026
රක්ෂිත බන්ධනාගාරගත කර සිටි බලංගොඩ කස්සප හිමි අධිකරණයට
26 November 2026
රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් අද (26) දින අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.
අනුරාධපුර රුවන්වැලි සෑය අබියස අධිකරණ නියෝග නොතකා මාරාන්තික උපවාසයක නිරතව සිටියදී පසුගිය නොවැම්බර් 12 වැනිදා කස්සප හිමියන් ඇතුළු සත්දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය.
අනතුරුව අධිකරණයට ඉදිරිපත් කළ එම පිරිස අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ලබාදුන් නියෝගයට අනුව උන්වහන්සේ මෙලෙස යළි අධිකරණය හමුවට රැගෙන විත් ඇත.


