brand logo
තායිවානයේ, හුවාලියන් ප්‍රදේශයේ ප්‍රබල භූකම්පනයක්

තායිවානයේ, හුවාලියන් ප්‍රදේශයේ ප්‍රබල භූකම්පනයක්

27 April 2024



තායිවානයේ, හුවාලියන් ප්‍රදේශයේ ප්‍රබල භූකම්පනයක් සිදුව ඇත.


රික්ටර් මාපකයේ ඒකක 6.1 ක ප්‍රබලත්වයක් සටහන් කරමින් එම භූකම්පනය සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර කෙසේ වෙතත් ඉන් සිදු වු හානි මෙතෙක් වාර්තා වී නොමැති බව තායිවාන බලධාරීන් සඳහන් කර ඇත.


මේ මස මුලදී ද තායිවානයේ ඇති වූ භූකම්පනයකින් පුද්ගලයන් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත් වු අතර එහිදී පසු කම්පන 1,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

 

More News..