brand logo
logo
 අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ යුවළක් අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ යුවළක් අත්අඩංගුවට

01 June 2025



හල්දුම්මුල්ල ඌවතැන්න ප්‍රදේශයේ දී කෝටි දෙකකට ආසන්න වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකපිට විවාහක තරුණ යුවළක් අද (01) අත්අඩංගුවට ගත් බව හල්දුම්මුල්ල පොලීසිය පැවසීය. 


හල්දුම්මුල්ල පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුණු රහසිගත තොරතුරක් අනුව ගොස් කළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ. 


අත්අඩංගවට ගත් තරුණයා වයස අවුරුදු 19ක් වන අතර තරුණිය වයස අවුරුදු විස්සක් වන බවද පොලිසිය පැවසීය. 


 හල්දුම්මුල්ල වටගමුව ප්‍රදේශයේ පදිංචි යුවළක් මෙසේ අත්අඩංගවට ගෙන ඇති අතර තරුණයාගේ මුල් පදිංචිය ගල්කිස්ස ප්‍රදේශයේ බවද පොලිසිය කීවේය.

 

More News..