brand logo
logo
තලෙයිමන්නාරම තොට හා කොළඹ කොටුව අතර නව දුම්රිය සේවාවක්

තලෙයිමන්නාරම තොට හා කොළඹ කොටුව අතර නව දුම්රිය සේවාවක්

18 September 2023

තලෙයිමන්නාරම තොට හා කොළඹ කොටුව අතර නව දුම්රිය සේවාවක් ආරම්භ කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.


තලෙයිමන්නාරම තොට දුම්රිය ස්ථානයෙන් අලුයම 4.15 ට පිටත් වන මෙම දුම්රිය පෙරවරු 10.34 ට කොටුව දුම්රිය ස්ථානයට ළගා වන අතර සවස 3.35 ට කොටුවෙන් පිටත්ව රාත්‍රී 10.48 ට තලෙයිමන්නාරම තොට දුම්රිය ස්ථානයට ළගා වන බව දුම්රිය පාලක මැදිරි කාර්යාලය කියයි.


වායුසමනය කළ පළමු පන්තියේ මැදිරි දෙකකින් ද දෙවන පන්තියේ වෙන්කළ ආසන මැදිරි දෙකකින් හා දෙවන , තුන්වන පන්තියේ සාමාන්‍ය මැදිරි වලින් ද මෙම දුම්රිය සමන්විත බව දුම්රිය දෙපාර්තමේන්තු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසීය.

 

More News..