බොරලැස්ගමුවේ වෙඩිතැබීම ගැන තවත් තොරතුරු
05 September 2026
බොරලැස්ගමුවේ වෙඩිතැබීම ගැන තවත් තොරතුරු
05 September 2026
බොරලැස්ගමුව, මාලිනී බුලත්සිංහල මාවතේ පිහිටි නිවසකදී ඊයේ (04) රාත්‍රියේ සිදුවූ වෙඩිතැබීමෙන් පුද්ගලයෙකු ඝාතනය වීමේ සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය කරගැනීමට බොරලැස්ගමුව පොලීසිය සමත්ව තිබේ.
පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත්තේ මෙම වෙඩිතැබීම පාතාල කල්ලි සාමාජිකයෙකු ලෙස සැලකෙන 'දෙහිවල සැන්ඩෝ' නමැත්තා විසින් 'කොස්මල්ලි' නමැත්තාගේ මුදල් අයකැමිවරයා ඉලක්ක කර මෙම වෙඩිතැබීමට පැමිණ ඇති බවය.
කෙසේවෙතත් වෙඩික්කරුවන්ගේ ඉලක්කය වැරදීමෙන් එම මුදල් අයකැමිවරයාගේ පියාට වෙඩි වැදී ඇති අතර, මෙලෙස මියගොස් ඇත්තේ අංශභාග රෝගී තත්ත්වයකින් පෙළුණු සුනිල් ප්‍රනාන්දු නමැති 74 හැවිරිදි වියපත් පුද්ගලයෙක්ය.
යතුරුපැදියකින් පැමිණි නාදුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් මෙම ප්‍රහාරය එල්ල කර පලාගොස් ඇත.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සඳහා බොරලැස්ගමුව පොලීසිය වැඩිදුර විමර්ශන සහ විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කරයි.

