රිටිගහ ඔයට වැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට
20 September 2026
රිටිගහ ඔයට වැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට
20 September 2026
අද උදෑසන ඇදහැලුණු අධික වර්ෂාවත් සමග රිටිගහ ඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන්, එම ඔයට වැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ, අම්පාගල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 44ක පුද්ගලයෙක්ය.
අවිස්සාවේල්ල - බුලත්කොහුපිටිය මාර්ගයේ, පොල්කටුවංගුව අසලින් ගලාබසින රිටිගහ ඔයට ඔහු වැටී ඇති අතර, ප්‍රදේශවාසීන් සහ රුවන්වැල්ල පොලිසිය එක්ව සිදුකළ විශේෂ සෙවීම් මෙහෙයුමකදී ඔහු වැටුණු ස්ථානයට පහළින් වූ දිය වළක තිබී මෘත ශරීරය සොයාගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් රුවන්වැල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවන අතර, පශ්චාත් මරණ පරීක්ෂණය කරවනැල්ල මූලික රෝහලේදී සිදුකිරීමට නියමිතය.

