brand logo
logo
ලෙබනනයේ මරණ 900කට ආසන්න වෙයි

ලෙබනනයේ මරණ 900කට ආසන්න වෙයි

16 March 2026


ඊශ්‍රායලය විසින් ලෙබනනයට එරෙහිව එල්ල කරන ලද ප්‍රහාරවලින් අවම වශයෙන් 886 දෙනෙකු මියගොස් 2,141 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා විදෙස් මාධ්‍ය පවසයි.


ලෙබනන සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නවතම වාර්තාවට අනුව, ඊශ්‍රායලය විසින් එල්ල කරන ගුවන් සහ ගොඩබිම් ප්‍රහාර හමුවේ මෙම මරණ සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව සඳහන් වේ.


පවතින ප්‍රචණ්ඩකාරී තත්ත්වය එරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට ද දැඩි ලෙස බලපා ඇති අතර ප්‍රහාරවලින් තුවාල ලැබූවන්ට සහන සැලසීමට ගිය වෛද්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින් පවා මෙම ප්‍රහාරවලින් මියගොස් හෝ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.


මාර්තු 2 සිට මේ දක්වා කාලය තුළ අවම වශයෙන් සෞඛ්‍ය සේවකයින් 38 දෙනෙකු මියගොස් ඇති අතර තවත් 69 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.


අඛණ්ඩව එල්ල වන මෙම ප්‍රහාර හේතුවෙන් දහස් සංඛ්‍යාත සිවිල් වැසියන් සිය නිවෙස් අත්හැර ආරක්ෂිත ස්ථාන කරා පළා යමින් සිටියි.


 

More News..