නීතියට පිටින් මෙරට තුළ විදේශිකයන් සිදුකරන ව්යාපාර නියාමනය කිරීමට රජය සැරසෙයි
28 October 2026
නීතියට පිටින් මෙරට තුළ විදේශිකයන් සිදුකරන ව්යාපාර නියාමනය කිරීමට රජය සැරසෙයි
28 October 2026
නියමිත නිත්යානුකූල ක්රියාපටිපාටියට පටහැනිව විදේශිකයන් විසින් ශ්රී ලංකාව තුළ පවත්වාගෙන යනු ලබන ව්යාපාර නියාමනය කිරීම සඳහා අවශ්ය නීති හා රෙගුලාසි පැනවීම පිළිබඳව ද විශේෂ අවධානය යොමුව ඇත.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ සංචාරක කර්මාන්තය ආශ්රිත සංගම්වල නියෝජිතයන් අතර අද (28) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති සාකච්ඡාවක දී මෙම කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කළ බව ජනාධිපති මාධ්ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
එමෙන්ම මෙරට සංචාරක කර්මාන්තය විධිමත් කිරීමේ අරමුණින් සියලුම සංචාරක හෝටල් සහ නවාතැන් පහසුකම් සපයන ස්ථාන සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි කරමින් අදාළ නීති පද්ධතියට අනුගත කිරීම පිළිබඳව ද සාකච්ඡා කර තිබේ.
වසර 2030 වන විට අමෙරිකානු ඩොලර් බිලියන 10ක සංචාරක ආදායමක් උපයා ගැනීම සහ සංචාරකයන් මිලියන 05ක් මෙරටට ආකර්ෂණය කර ගැනීමේ ඉලක්ක සපුරා ගැනීම මෙම සාකච්ඡාවේ අරමුණ බව සඳහන් වේ.
මෙහිදී සංචාරක ක්ෂේත්රයේ ප්රවර්ධනය සඳහා ගත යුතු ඉදිරි ක්රියාමාර්ග පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු බව ජනාධිපති මාධ්ය අංශය පවසයි.
ප්රධාන වශයෙන් ත්රිකුණාමලය, මඩකලපුව, සීගිරිය සහ යාපනය යන ප්රදේශ ආශ්රිතව අභ්යන්තර ගුවන් ගමන් පහසුකම් වැඩිදියුණු කිරීම පිළිබඳව මෙහිදී අවධානය යොමුව ඇත.
එමෙන්ම, නව ජාත්යන්තර ගුවන් සේවා සමාගම් 10ක් මේ වසරේදී ශ්රී ලංකාව සමඟ ගුවන් ගමන් ආරම්භ කර ඇති බව මෙහිදී සඳහන් කෙරුණු අතර, එම සංඛ්යාව 50 දක්වා වර්ධනය කර ගැනීම සඳහා ගත යුතු පියවර පිළිබඳව ද සාකච්ඡා කර තිබේ.
සංචාරක ආකාර්ෂණය දිනා ගත් වනඋද්යාන සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා යොදා ගැනීම මෙන්ම වන සම්පත් ආරක්ෂා කිරීමට අදාළ නීති හා රෙගුලාසි පැනවීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.
සංචාරක කර්මාන්තය ප්රවර්ධනය කිරීම සඳහා මේ වන විට ක්රියාත්මක කර ඇති ගෝලීය ප්රවර්ධන වැඩසටහන්වල ප්රගතිය ද මෙහිදී විමසා බලා තිබේ.

