brand logo
logo
ට්‍රම්ප්ගෙන් ඉරානයට දැඩි අනතුරු ඇඟවීමක්

ට්‍රම්ප්ගෙන් ඉරානයට දැඩි අනතුරු ඇඟවීමක්

11 June 2026

ඉරානයට එරෙහිව අද (11) රාත්‍රියේ දැඩි ප්‍රහාර එල්ල කරන බවට ප්‍රකාශ කරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.


සිය Truth Social ගිණුම ඔස්සේ ප්‍රකාශයක් නිකුත් කරමින් ට්‍රම්ප් මහතා සඳහන් කර ඇත්තේ ඉරානයේ නාවික, ගුවන් සහ ගුවන් ආරක්ෂක හැකියාවන් මෙන්ම බොහෝ ප්‍රහාරක ශක්තීන් ද මේ වනවිට විනාශ වී ඇති බවය.


එමෙන්ම ඉදිරි කාලයේදී ඉරානයේ ප්‍රධාන තෙල් අපනයන මධ්‍යස්ථානයක් වන කාර්ග් දූපත ඇතුළු තෙල් හා ගෑස් යටිතල පහසුකම් සම්බන්ධ ස්ථානවල පාලනය ලබා ගැනීමට අපේක්ෂා කරන බව ද ඔහු ප්‍රකාශ කර ඇත.


ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශය පැමිණෙන්නේ ඇමරිකාව සහ ඉරානය අතර යළිත් වරක් උණුසුම් වී ඇති ගැටුම්කාරී තත්ත්වයක් මධ්‍යයේය.

 

More News..