brand logo
logo
ධීවර සහ නාවික ප්‍රජාවට කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

ධීවර සහ නාවික ප්‍රජාවට කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

21 October 2026


ත්‍රිකුණාමලය සිට කන්ක සතුරය, කල්පිටිය, කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පුර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් හෙට ( 22) දින පෙ.ව. 06.00 වන තෙක් වලංගු වන පරිදි අද (21) ප.ව. 05.00 ට මෙම නිවේදනය නිකුත් කර තිබේ.


ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං (පැ.කි.මී. 60-70) ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකි බව සඳහන් වේ.


එබැවින් එම මුහුදු ප්‍රදේශ වල සිය කටයුතු වල යෙදන ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස දැනුම් දී තිබේ.

 

 

More News..