brand logo
logo
 ජැෆ්නා කිංග්ස් පිලට ලකුණු 93ක සුපිරි ජයක්

ජැෆ්නා කිංග්ස් පිලට ලකුණු 93ක සුපිරි ජයක්

26 July 2026


ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද දිනයේ කැන්ඩි රෝයල්ස් කණ්ඩායම සමග පැවැති තරගය ලකුණු 93කින් ජය ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත් විය.


මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ජැෆ්නා කිංග්ස් පිල කඩුළු 4ක් දැවී ලකුණු 199ක් රැස්කර ගැනීමට සමත් විය.


ජැෆ්නා පිල වෙනුවෙන් කමිල් මිෂාර පන්දු 53කදී ලකුණු 78ක් රැස්කර ගැනීමට සමත් විය.


ඊට දැවැන්ත හයේ පහර 4ක් සහ හතරේ පහර 6ක් ද ඇතුළත් වේ.


අවිශ්ක ප්‍රනාන්දු පන්දු 36කදී රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 66කි.


අවිශ්ක හතරේ පහර 10ක් සහ හයේ පහර 2ක් ද එල්ල කළේය.


පන්දු යැවීමේදී කැන්ඩි රෝයල්ස් පිල වෙනුවෙන් සහීන් ෂා අෆ්රිඩි කඩුළු 3ක් දවා ගැනීමට සමත් විය.


කැන්ඩි රෝයල්ස් කණ්ඩායම වෙනුවෙන් සාර්ථක වූ එකම පිතිකරුවා ලිහිරු උදාර, රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 54කි.

 

More News..