brand logo
logo
යතුරුපැදි දෙකක් එකිනෙක ගැටී දෙදරු පියෙක් ජීවිතක්ෂයට

යතුරුපැදි දෙකක් එකිනෙක ගැටී දෙදරු පියෙක් ජීවිතක්ෂයට

25 August 2026

වැල්ලවාය - මොනරාගල මාර්ගයේ කිරිදිඔය පාලම අසලදී යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදු වී තිබේ.


අනතුරින් පැදිකරුවන් දෙදෙනා තුවාල ලබා වැල්ලවාය මූලීක රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සඳහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට මාරුකර යවා ඇත.


එහිදි එක් අයෙකු ජීවිතක්ෂයට පත් වී ඇති අතර ඔහු වැල්ලවාය ප්‍රදේශයේ පදිංචි 53න් හැවිරිදි දෙදරු පියෙකි.


තුවාල ලැබූ සෙසු පුද්ගලයා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර අනතුර සම්බන්ධයෙන් වැල්ලවාය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

 

More News..