brand logo
logo
බස් රථයක් අනතුරට ලක්වෙයි - 14කට තුවාල

බස් රථයක් අනතුරට ලක්වෙයි - 14කට තුවාල

07 October 2026

තිරප්පනේ ඒ 09 මාර්ගයේ ගල්කුලම ප්‍රදේශයේදී අද (07) අලුයම නිකවැරටිය සිට අනුරාධපුර දක්වා ධාවනය වූ පුද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී අනතුරක් සිදුව ඇත.


අනතුරින් එම බස් රථයේ ගමන් කළ පිරිමි පුද්ගලයින් 12 දෙනෙකු හා කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළත් කළ බව පොලීසිය පවසයි.


බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර තිරප්පනේ පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

 

More News..