brand logo
logo
 ජාතික රෝහලට නව නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙක්

ජාතික රෝහලට නව නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙක්

15 June 2026


ශ්‍රී ලංකා ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත්වීම් ලද විශේෂඥ වෛද්‍ය එම්.කේ.සම්පත් ඉන්දික කුමාර මහතා අද (15) ධුරයේ රාජකාරි කටයුතු ආරම්භ කළේය.


ඒ මහතා ඇතුළු තවත් නිලධාරීන් අට දෙනෙකුට නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරේ පත්වීම් ලිපි පසුගිය 11 වෙනිදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් ලබා දෙන ලදී.


දීර්ඝ කාලයකට පසුව ශ්‍රී ලංකා ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධුරය ඇතුළු බොහෝමයක් තනතුරු සඳහා ස්ථිර නිලධාරියකු පත් කෙරුණු බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය.


විශේෂඥ වෛද්‍ය එම්.කේ. සම්පත් ඉන්දික කුමාර මහතා මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු සහ වෛද්‍ය පරිපාලනය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකි.


බදුල්ල ශික්ෂණ රෝහල, රත්නපුර ශික්ෂණ රෝහල, පොළොන්නරුව දිස්ත්‍රික් මහරෝහල, පොලොන්නරුව ජාතික වෘක්කවේද විශේෂිත රෝහල, වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා මෙන්ම මහරගම අපේක්ෂා රෝහල වැනි දිවයිනේ ප්‍රධාන රෝහල් රැසක මීට පෙර ඒ මහතා අධ්‍යක්ෂධුර හොබවා ඇත. 



 

More News..