කළුතර සුද්දා අත්අඩංගුවට
2 months ago | බණ්ඩාරගම - බිමල් ශ්‍යාමන් ජයසිංහ
Share on
අපරාධ නවයකට සම්බන්ධ කළුතර සුද්දා නැමැත්තා හා සැකකරු සොරාගත් රන් භාණ්ඩ උකස් කිරීමේ යෙදුණු එකම පවුලේ මවක් සහ දියණියක් අත්අඩංගුවට ගත් බව අලුබෝමුල්ල පොලිසිය පවසයි.
සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී රු. ලක්ෂ 30ක් පමණ වටිනා රන් මාල, වළලු, පෙන්ඩන් ආදිය පොලිස් භාරයට ගෙන ඇත.
බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.
පානදුර ජනප්‍රිය මාවතේ දී සැකපිට ප්‍රශ්න කිරීම නිසා අත්අඩංගුවට ගත් සැකකරුගේ කලිසම් සාක්කුවේ තිබූ රිසිට්පත් සම්බන්ධයෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී අලුබෝමුල්ල හා හා පින්වත්ත පොලිස් වසම් වල ඉකුත් මාස කිහිපය තුළ සිදු වූ නිවෙස් බිඳුම් හතකට සහ රන්මාල කොල්ලකෑම දෙකකට සැකකරු සෘජුව සම්බන්ධව බවට විමර්ශනවලදී අනාවරණය වී තිබිණි.
ඒ අනුව සැකකරුගෙන් සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී බන්ධනාගාරයේ දී දැන හඳුනාගත් පුද්ගලයෙකුගේ මව සහ සහෝදරිය ට සොරාගත් සහ කොල්ලකන ලද රන් භාණ්ඩ උගස් කිරීම සඳහා ලබාදුන් බවට අනාවරණය වූ බව පොලීසිය පවසයි.
ඒ අනුව සැකකාරියන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී පානදුර සහ මොරටුව ප්‍රදේශවලට අලෙවි කර තිබූ රන් භාණ්ඩ තොගය පොලීසිය සොයාගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 30ක් පමණ වන තැනැත්තෙක් බවත් සැකකාරියන් දෙදෙනා වයස අවුරුදු 63 හා 42 අතර පසුවන්නන් බවත් පොලිසිය පැවසීය.