brand logo
logo
ගුලි විකිණීම, ළඟ තබා ගැනීම වරදක් නොවෙයි ?

ගුලි විකිණීම, ළඟ තබා ගැනීම වරදක් නොවෙයි ?

19 January 2023

ගංජා මිශ්‍ර මදන මෝදක ගුලි විකුණන්නන් හෝ ළඟ තබා ගන්නන් අත් අඩංගුවට ගැනීමට හෝ නඩු පැවරීමට පොලිසියට කිසිදු බලයක් නැති බව අත්තනගල්ල අංක 2 මහේස්ත්‍රාත්වරයා ඊයේ (18) විවෘත අධිකරණයේ දී අවධාරණය කර තිබේ. ආයුර්වේද පනතට අනුව කංසා ඇට හා කොළ ඇතුළු අනෙකුත් ද්‍රව්‍ය මිශ්‍රකොට මදන මෝදක නිෂ්පාදනය කරන බව පැහැදිලි ව සඳහන් කර ඇතැ යි පවසා ඇති මහේස්ත්‍රාත්වරයා, ආයුර්වේද පනත පිළිබඳ පැහැදිලි කිරීමක් සිදු කර ඇති බව සඳහන්.


මේ අනුව කංසා හෙවත් ගංජා නොමැති ව මදන මෝදක නිෂ්පාදනය කළ නො හැකි බවත් එවැනි මදන මෝදක ළඟ තබා ගැනීම හෝ විකිණීම කරන පුදගලයන් අත් අඩංගුවට ගැනීමය පොලිසියට කිසිදු බලයක් නොමැති බවත් මහේස්ත්‍රාත්වරයා සඳහන් කර තිබේ.මදන මෝදක 22ක් ළඟ තබාගෙන සිටි පුද්ගලයකුට එරෙහි ව පනවා තිබූ නඩුවක් විභාග කරන අතරේ යි මහේස්ත්‍රාත්වරයා මේ බව අවධාරණය කර තිබුණේ.

 

More News..