brand logo
logo
ලංකා - බංග්ලාදේශ T20 පළමු තරගයේ ප්‍රවේශපත්‍ර විකිණී අවසන්

ලංකා - බංග්ලාදේශ T20 පළමු තරගයේ ප්‍රවේශපත්‍ර විකිණී අවසන්

10 July 2025

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අද (10) දිනයේ පැවැත්වීමට නියමිත ආරම්භක තරගයේ ප්‍රවේශපත්‍ර සියල්ල අලෙවි වී අවසන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දී ඇත.


මේ හේතුවෙන් තවදුරටත් ප්‍රවේශපත්‍ර අලෙවි කුටි වෙත පැමිණීමෙන් වළකින ලෙසත් තවත් විකිණීමට කිසිදු ප්‍රවේශපත්‍රයක් ඉතිරිව නොමැති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජනතාවට දැනුම් දී තිබේ.


ප්‍රවේශපත්‍ර හිමි පිරිසට ක්‍රීඩාංගණයට ඇතුළුවීම සඳහා පස්වරු 5 සිට ගේට්ටු විවෘත කරන බව සඳහන් වේ.


තරගය අද සවස 7 ට මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.



 

More News..