brand logo
logo
"මම ඉන්දියානුවන්ට හරිම කැමතියි" ට්‍රම්ප් කියයි

"මම ඉන්දියානුවන්ට හරිම කැමතියි" ට්‍රම්ප් කියයි

23 October 2025

තමන් දුරකථනය ඔස්සේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඇමතූ බව අමෙරිකානු ජනාධිපතිවරයා පවසා තිබේ.


ඔහු ඒ බව පැවසුවේ හින්දු ආගමික උත්සවයක් වන දීපාවලී සැමරීම සඳහා අමෙරිකාවේ ධවල මන්දිරයේ ඕවල් කාමරයේ පැවති උත්සවයක් අතරතුරදීය.


එහිදී අදහස් දැක්වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ, "මේ මොහොතේ අපේ උණුසුම් සුබපැතුම් ඉන්දීය ජනතාව වෙත පිරිනමනවා. මම ඉන්දියානුවන්ට හරිම කැමතියි. අප දෙරට අතර යහපත් එකඟතා ඇති කරගැනීමට කටයුතු කරමින් තිබෙනවා. මම අගමැති මෝදිට කතා කළා. අපි අතර හොඳ සම්බන්ධතාවක් පවතිනවා. ඔහු රුසියාවෙන් වැඩිපුර ඉන්ධන මිලදීගන්න එකක් නැහැ." යනුවෙනි.

 

 

More News..