brand logo
logo
  දහම් පාසල් සිසුන් පිරිසකට බඹර ‍ප්‍රහාරයක්

දහම් පාසල් සිසුන් පිරිසකට බඹර ‍ප්‍රහාරයක්

22 June 2025 | මිද්දෙනිය ප්‍රමෝද් චතුරංග


අද (22) උ⁣දෑසන මිද්දෙනිය ශ්‍රී සුමංගල දහම් පාසලේ බුදු මැදුරේ වසා සිටි බඹර කූඩුවක් ඇවිස්සී දහම් පාසලේ විවේක කාලයේදී එලි මහනේ සිටි සිසුන් පිරිසක් මෙසේ බඹර ප්‍රහාරයට ලක්ව 60දෙනෙකු මිද්දෙනිය ප්‍රාදේශීය රෝහල වෙත ඇතුලත් කර ඇති අතර ඉන් සිසුන් 44 දෙනෙක් මේ වන ප්‍රතිකාර රැගෙන රෝහලෙන් පිටවී ගොස් ඇති අතර සිසුන් 16 දෙනෙක් මේ වන විට මිද්දෙනිය ප්‍රාදේශීය රෝහලේ සිසුන් 6 , කටුවන ප්‍රාදේශීය රෝහලේ සිසුන් දෙදෙනෙක් තලාව කාරියමඩිත්ත දිසා රෝහලටත් සිසුන් 7ක්, ඇඹිලිපිටිය මූලික රෝහලට ඒක් සිසුවෙකු බැගින් නේවාසිකව ප්‍රතිකාර ගනිමින් සිටී.


මිද්දෙනිය පොලිසිය , විහාරස්ථානයේ විහාරාධිපති සුදම්ම හිමියන් , දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය සහ ප්‍රදේශවාසීන් එක්ව කඩිනමින් මෙසේ සිසුන් රෝහල් ගත කර ඇත.


මේ වන විට වන ජීවි නිලධාරීන් එම ස්ථානයට පැමිණ ඇති අතර කරුවල වූ පසු බඹරය ඉවත් කිරීමට කටයුතු කරන බව ඔවුන් පවසයි.

 

More News..