වී මිලදී ගැනීමට අදාළ රුපියල් මිලියන 7,500ක පරිපූරක ඇස්තමේන්තුව සම්මත කෙරේ
21 August 2026
වී මිලදී ගැනීමට අදාළ රුපියල් මිලියන 7,500ක පරිපූරක ඇස්තමේන්තුව සම්මත කෙරේ
21 August 2026
රජය විසින් 2026 යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය රුපියල් මිලියන 7500 ක ප්‍රතිපාදන සපයා ගැනීමට අදාළ පරිපූරක ඇස්තමේන්තුව අද (21)සම්මත කරනු ලැබීය.
ඒ එම පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය ලාල් කාන්ත මහතා විසිනි මෙම පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කෙරුණු අතර එය දහවල් 12.30 දක්වා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනුණි.

