ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළ ගියහොත් රෝහල් පද්ධතියට දරාගන්න බැරි වෙයි
18 June 2026
ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළ ගියහොත් රෝහල් පද්ධතියට දරාගන්න බැරි වෙයි
18 June 2026
ඩෙංගු රෝගීන් වාර්තා වීම තවදුරටත් ඉහළ ගියහොත් රෝහල් පද්ධතියට එම තත්ත්වය දරාගැනීම අපහසු වනු ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අමාත්‍යවරයා සඳහන් කළේ ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජනතාවගේ සහ ආයතනවල වගකීම ඉතා වැදගත් බවය.
නිවාස, රාජ්‍ය ආයතන සහ අනෙකුත් ස්ථාන පිරිසිදුව තබා ගැනීම මගින් ඩෙංගු මදුරුවන් බෝවීම වැළැක්විය යුතු බවත්, රෝගීන් සංඛ්‍යාව වැඩිවීමෙන් සෞඛ්‍ය පද්ධතියට දැඩි පීඩනයක් එල්ල විය හැකි බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ බේරුවල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා,
"දිර්ඝ කාලීනව මොනදේ කරන්න ගියත් කෙටි කාලීනව ඩෙංගු රෝගීන් වැඩිවීම පාලන කිරීමට ඇති එකම උත්තරය තමයි මදුරුවන් බෝවන ස්ථාන විනාශ කරලා දාන එක. ඒකට කරන්න තියෙන්නෙම තමන්ගේ අවට පිරිසිදුව තබාගැනීම. මීට වඩා වැඩියෙන් රෝගීන් වාර්තා වෙන්න පටන්ගත්තොත් ඒක අපේ රෝහල් පද්ධතියට දරාගන්න බැරි වෙයි. මේ වගේ ප්‍රශ්නයක් ඉස්සරහාට ගියාම වෙන්නෙ ඒ වගේ දෙයක්. එහෙම

