brand logo
logo
දුම්රිය මාර්ගයේ ගිය බස් රථ රියදුරු අත්අඩංගුවට

දුම්රිය මාර්ගයේ ගිය බස් රථ රියදුරු අත්අඩංගුවට

02 June 2024

දුම්රිය මාර්ගයේ බස් රථයක් ධාවනය කළ සිද්ධියට අදාළව එම බස් රථයේ රියදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ සැකකාර බස් රියදුරු ඇඹිලිපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බවය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇඹිලිපිටිය කොළඹ පෞද්ගලික බස් රථයක රියදුරෙකි.


එම රියදුරු සිය බස් රථය අද පුවක්පිටිය ප්‍රදේශයේදී කැලණිවැලි දුම්රිය මාර්ගයේ ධාවනය කරන අයුරු දැක්වෙන වීඩියෝ කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු විය.


සැකකාර බස් රියදුරු සමග අදාළ බස් රථය ද පොලිස් භාරයට ගෙන තිබේ.




 

More News..