ඉන්දීය මහ කොමසාරිස් සහ ඇමති ලාල් කාන්ත අතර විශේෂ හමුවක්
25 October 2026
ඉන්දීය මහ කොමසාරිස් සහ ඇමති ලාල් කාන්ත අතර විශේෂ හමුවක්
25 October 2026
ශ්රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ කෘෂිකර්ම, පශු සම්පත්, භූ හා වාරිමාර්ග අමාත්ය කේ.ඩී. ලාල් කාන්ත මහතා අතර විශේෂ හමුවක් පවත්වා තිබේ.
මෙම හමුවේදී දෙපාර්ශ්වය අතර දේශපාලනික කරුණු, කෘෂිකාර්මික අංශයේ නවෝත්පාදන මෙන්ම වත්මන් ජාත්යන්තර භූ-දේශපාලනික වර්ධනයන් පිළිබඳව පුළුල් සාකච්ඡාවක් සිදුව ඇත.
දෙරට අතර අන්යෝන්ය වශයෙන් වැදගත් වන ක්ෂේත්ර කිහිපයක් සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු කර ඇති බව වාර්තා වේ.

