පළාත් සහ දිස්ත්රික්ක කිහිපයකට ප්රබල අකුණු අනතුරු ඇඟවීමක්
26 October 2026
පළාත් සහ දිස්ත්රික්ක කිහිපයකට ප්රබල අකුණු අනතුරු ඇඟවීමක්
26 October 2026
උතුරු මැද පළාතට සහ ත්රිකුණාමලය හා මඩකලපුව දිස්ත්රික්ක සඳහා ප්රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
අද (26) පෙරවරු 11.30ට නිකුත් කළ එම නිවේදනය අද රාත්රී 11.00 දක්වා වලංගු වේ.
ඒ අනුව, එම ප්රදේශවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එමෙන්ම, ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි බැවින්, අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

