අලි-මිනිස් ගැටුමට විසඳුම් ලෙස උණ බම්බු ජෛව වැට ඉදිකිරීමේ යෝජනාවට චීනයේ සහාය
28 July 2026
අලි-මිනිස් ගැටුමට විසඳුම් ලෙස උණ බම්බු ජෛව වැට ඉදිකිරීමේ යෝජනාවට චීනයේ සහාය
28 July 2026
අලි - මිනිස් ගැටුමට විසඳුම් ලෙස උණ බම්බු ජෛව වැට ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහ පර්යේෂණාත්මක සහාය ලබා දීමට චීනය එකඟතාව පළ කර තිබේ.
පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා නියෝජිත පිරිස චීනයේ බීජිං නුවර පිහිටි ජාත්‍යන්තර උණ බම්බු සහ බට මධ්‍යස්ථානයේ නිල සංචාරකදී මෙම යෝජනා සසඳහා එළැඹ ඇත.
එහිදී ජාත්‍යන්තර උණ බම්බු සහ බට මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු උසස් නිලධාරීන් සමග පැවැත්වුණු විශේෂ ද්විපාර්ශ්වික සාකච්ඡාවෙය්දී උන බම්බු වගාව, නවීන සැකසුම් තාක්ෂණයන් සහ ඒ ඇසුරින් කෙරෙන විවිධ කාර්මික නිෂ්පාදන පිළිබඳව පුළුල් ලෙස කරුණු අධ්‍යනය කර තිබේ.
මෙරට අලි - මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා උණ බම්බු යොදා ගනිමින් සාර්ථක ජෛව වැටක් නිර්මාණය කිරීමට අදාළ යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා සහයෝගය දෙන ලෙස පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම සංචාරයේදී නිල වශයෙන් ඉල්ලීමක් කර ඇති අතර ඊට ප්‍රතිචාර දක්වමින් චීන පාර්ශ්වය ප්‍රකාශ කර ඇත්තේ අලි - මිනිස් ගැටුමට තිරසාර විසඳුමක් ලබා දෙන අතරම උණ බම්බු ආශ්‍රිත නිෂ්පාදන හරහා ප්‍රාදේශීය ප්‍රජාවගේ ආර්ථික මට්ටම ඉහළ නැංවීමට අවශ්‍ය නවීන තාක්ෂණය, හොඳම භාවිතයන් සහ පර්යේෂණ හා සංවර්ධන කටයුතු සඳහා පූර්ණ සහයෝගය ලබා දීමට සූදානම් බවය.

