තුර්කි මගී යානයක ගින්නක්
11 May 2026
තුර්කි මගී යානයක ගින්නක්
11 May 2026
නේපාලයේ කත්මණ්ඩු අගනුවර ට්‍රිබුවාන් ගුවන්තොටුපොළ බලා ආ තුර්කි මගී යානයක ගින්නක් හටගත් බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
ගින්න හටගත්තේ යානයේ පිටුපස රෝද පද්ධතියේය.
තුර්කි ගුවන් සේවයට අයත් ටීකේ 726 නමැති මගී ගුවන් යානය මෙම අකරතැබ්බට මුහුණ දුන්නේ අද (11) උදෑසනය. යානයේ මගීන් 278 දෙනකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 11 දෙනකු සිටි බව පැවැසෙයි. මගීන් අතරේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයෝ පිරිසක් ද සිටියහ.
නියමුවන්ට යානය පාලනය කර ගනිමින් නවත්වා ගැනීමට හැකිවුණු අතර, ගිනි නිවන භටයන් සහ ගිනි නිවන ට්‍රක් රථ වහා යානය වෙත පැමිණ ගින්න නිවා දැමීය. මගීන් හෝ කාර්ය මණ්ඩල සාමාජිකයන්ට හෝ අනතුරක් සිදුවූයේ නැත. සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ආරම්භ වී ඇතැයි ද පැවැසෙයි.

