Best News Website award
brand logo
logo
සියලුම පෙර පාසල්වලට එකම විෂය මාලාවක්

සියලුම පෙර පාසල්වලට එකම විෂය මාලාවක්

23 November 2026 | ගයාත්‍රි ගීගනආරච්චි


එළැඹෙන 2027 වසරේ සිට දිවයින පුරා සියලු පෙර පාසල්වල එකම විෂය මාලාවක් ක්‍රියාත්මක කිරීමට කටයුතු සූදානම් කර ඇතැයි රජය පවසයි.


ඒ අනුව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය, අධ්‍යාපන අමාත්‍යංශය සහ සියලු පළාත් සභා එකතු වීමෙන් දිවයින පුරා සියලු පෙර පාසල්වලට මේ වන විට එකම විෂය මාලාවක් හඳුන්වා දී තිබේ.


කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන මාධ්‍යයට අදහස් දක්වමින් පැවැසූයේ, ඊට අදාළව පෙර පාසල් ගුරුවරු පුහුණු කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බවයි.


මේ වන විට දේශපාලන ක්ෂේත්‍රය තුළ, රාජ්‍ය සේවය තුළ, පොදු ප්‍රවාහනය තුළ මෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ආදී වශයෙන් බොහෝ ක්ෂේත්‍රයන්හි පරිවර්තනීය වෙනසක් ඇති වෙමින් පවතින බවද ඔහු කීය.


“ඒ අනුව මෙරට ළමයින් හා කාන්තාවන්ගේ සුබසිද්ධිය වෙනුවෙන්ද නව කටයුතු රැසක් සැලසුම් කර තිබෙනවා. එහිදී කාන්තා ව්‍යවසායකත්වය සංවර්ධනය කිරීම, දරුවන්ගේ ආරක්ෂාව රැකවරණය වැඩිදියුණු කිරීම, විශේෂයෙන්ම අවධානයෙන් ගිලිහුණු ක්ෂේත්‍රයක් වුණු පූර්ව ළමා විය සංවර්ධනය පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීමට බලාපොරොත්තු වෙනවා. සියලු පෙර පාසල්වලට පොදු විෂය නිර්දේශයක් හඳුන්වා දීමට කටයුතු කිරීම ඉන් එක් ක්‍රියාදාමයක්” යැයි ද ඔහු පැවැසීය.

 

More News..