brand logo
logo
ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර සෘජු ගුවන් ගමන් සේවා අද සිට

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර සෘජු ගුවන් ගමන් සේවා අද සිට

16 August 2026

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ප්‍රථම වරට සෘජු ගුවන් ගමන් සේවා අද (16) සිට ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.


ගුවන් තොටුපල කළමනාකාර අංශ ප්‍රධානී, අරුණ රාජපක්ෂ සඳහන් කළේ, වියට්නාමයට අයත් ගුවන් සේවා 2කින් ගුවන් ගමන් වාර ආරම්භ කරන බවයි.


කටුනායක සහ වියට්නාමයේ හෝචිමින් නගර අතර ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.


එළැඹෙන 18 වැනිදා සිට වියට්ජෙට් ගුවන් සේවය මගින් ද ගුවන් ගමන් සේවා ආරම්භ කිරීමට නියමිතයි.


එම ගුවන් සේවා දෙකම ආරම්භක අදියරේදී සතියකට ගුවන් ගමන් වාර 3 බැගින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව, අරුණ රාජපක්ෂ ප්‍රකාශ කළේ ය.


මෙරට සංචාරක සහ වෙළෙඳ ක්ෂේත්‍ර ප්‍රවර්ධනය වෙනුවෙන් මෙම ගුවන් සේවා උපයෝගී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

 

More News..