ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමට එරෙහි පෙත්සම් සලකා බැලීමට දින දෙයි
15 October 2026
ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමට එරෙහි පෙත්සම් සලකා බැලීමට දින දෙයි
15 October 2026
සිරදඬුවම් නියම වී සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම් සලකා බැලීම සඳහා ලබන 22 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.
මෙම පෙත්සම් අද අභියාචනාධිකරණ විනිශ්චකාරවරුන් වන අමල් රණරාජා, මහෙන් ගොපල්ලව සහ ප්රියන්ත ප්රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල මෙම පෙත්සම කරුණු සලකා බැලීම සඳහා ලබන 22 වැනිදා කැඳවන ලෙස නියම කළේය.
පූජ්ය තීනියාවල පාලිත හිමියන් ඇතුළු භික්ෂුන් වහන්සේලා පිරිසක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

