brand logo
logo
දක්ෂිණ අධිවේගයේ අනතුරක් - 10ක් රෝහලට

දක්ෂිණ අධිවේගයේ අනතුරක් - 10ක් රෝහලට

08 June 2026

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදුව පිවිසුම අසලදී අද (08) සවස සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයන් දස දෙනෙකු (10) පමණ තුවාල ලබා තිබේ.


කොළඹ සිට ගාල්ල දෙසට ධාවනය වෙමින් තිබූ බස් රථයක්, පින්නදුව පිවිසුමේ ආරක්ෂිත ගේට්ටුවක්ද කඩාගෙන ගොස් අසල තිබූ කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.


අනතුරින් තුවාල ලැබූ පිරිස පොලීසිය සහ අධිවේගී මාර්ගයේ සේවක පිරිස එක්ව ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.


අනතුර සම්බන්ධයෙන් පින්නදුව අධිවේගී මාර්ග පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

 

More News..