රු.කෝටි 5කට වැඩි කුෂ් සමඟ ඉන්දියානුවෙකු කටුනායකදී අත්අඩංගුවට
26 October 2026 | ටී.කේ.ජී.කපිල-කටුනායක
රු.කෝටි 5කට වැඩි කුෂ් සමඟ ඉන්දියානුවෙකු කටුනායකදී අත්අඩංගුවට
26 October 2026 | ටී.කේ.ජී.කපිල-කටුනායක
රුපියල් පන් කෝටි දශ ලක්ෂයක් වටිනා කුෂ් මත්ද්රව්ය තොගයක් මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්රකාශ කිරීමට නොමැති හරිත මාවතඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ විදේශීය ගුවන් මගියෙකු අද (26) දින අලුයම රේගු මත්ද්රව්ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ .
මොහු 24 හැවිරිදි වියේ පසුවන ඉන්දීය ජාතිකයෙකු වන අතර ඔහු එරට දුරකථන අලුත්වැඩියාකරුවෙකු ලෙස සේවය කරන්නෙකි .
ඔහු අද දින අලුයම 01.15 ට වියට්නාමයේ හෝචිමිං නුවර සිට වියට්නාම් ගුවන් සේවයේ වී.එන්.- 671 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
එහිදී ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ල ගුවන් තොටුපොළ රේගු මත්ද්රව්ය පාලන අංශයේ නිලධාරීන් විසින් පරිලෝකන යන්ත්ර පරීක්ෂා කිරීමේදී සිය ඇදුම් අතර , පැකැට් 07 ක් ලෙස සකස් කර , සගවා ගෙන සිටි කිලෝ ග්රෑම් 05 ග්රෑම් 100 ක් බරැති කුෂ් මත්ද්රව්ය තොගය සොයා ගැනීමට හැකි වී තිබුණි .
පසුව මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්රව්ය කාර්යාංශයේ නිලධාරීන් වෙත මෙම ඉන්දීය ජාතික ගුවන් මගියා සහ ඔහු විසින් රැගෙන ආ කුෂ් මත්ද්රව්ය තොගය භාර දී තිබේ .

