ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 97,027 දක්වා ඉහළට
11 September 2026
ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 97,027 දක්වා ඉහළට
11 September 2026
මෙම වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 97,027 දක්වා ඉහළ ගොස් තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ, සැප්තැම්බර් මාසයේ මේ දක්වා රෝගීන් 1,536 දෙනෙකු වාර්තාවී ඇති බවය.
මේ වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු ආසාදිත මරණ 74ක් වාර්තාවී ඇති බව සඳහන්ය.
මෙම කාලයේදී වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර එම ප්‍රමාණය 51,180කි.
දකුණු පළාතෙන් රෝගීන් 14,036ක්, මධ්‍යම පළාතෙන් රෝගීන් 8,958ක් සබරගමුව පළාතෙන් රෝගීන් 7,998ක් ලෙස හඳුනාගෙන තිබේ.
එමෙන්ම වැඩිම රෝගීන ප්‍රමාණයක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති අතර එම සංඛ්‍යාව 20,622ක් වේ.
තව ද කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 19,168 දෙනෙකු, මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 7,199 දෙනෙකු, මාතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 6,186 දෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 6,218 දෙනෙකු වාර්තාවී ඇත.
දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශ 40ක් තවදුරටත් අධි-අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇත.

