අධ්‍යාපනය වෙනුවෙන් ඉදිරිපත් වූ අයවැය යෝජනා
12 November 2026
අධ්‍යාපනය වෙනුවෙන් ඉදිරිපත් වූ අයවැය යෝජනා
12 November 2026
2027 වසරේ අයවැය යෝජනා ඉදිරිපත් කරමින් අධ්‍යාපන වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යොජනා
2027 වසරේ සිට 2 වන සහ 6 වන ශ්‍රේණි සඳහා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මකයි.
ගුරු විද්‍යාලවල සිසුන් සඳහා රු 10,500ක් ලෙස ලබාදුන් මුදල 2027 අප්‍රේල් මස සිට රු 20,000 දක්වා වැඩිකිරීම.
පිරිවෙන් අධ්‍යාපනය වෙනුවෙන් භික්ෂු සිසුන්ට ලබාදෙන රු 15ක දෛනික මුදල රු 50 දක්වා වැඩි කරන අතර, ගිහි සිසුන්ට ලබාදෙන රු 5ක මුදල රු 25 දක්වාද වැඩිකරනවා.
ස්වෙච්ඡා දහම් පාසල් ගුරුවරු සඳහා 2027 සිට වාර්ෂික දීමනාව රු 7,500 සිට රු 12,000 දක්වා වැඩිකරනවා.
චීන රජය විසින් ලබාදෙන පාසල් නිල ඇඳුම් එලෙසම ලබාදෙනවා.
ද්විතීයික පාසල් සියල්ලටම විශ්වාසදායක අන්තර්ජාල සබඳතා ලබා දීම අපගේ ඉලක්කයයි. මේ වන විට මේ වසරේ ලබා දුන් සබඳතා 3,009 ක් ද ඇතුළත්ව පාසල් 6,225 කට විශ්වාසදායක අන්තර්ජාල සම්බන්ධතා ලබා දී තිබෙනවා. ඉතිරි පාසල් 750 ට කඩිනමින් ලබා දීමට කටයුතු කරනවා. ප්‍රාථමික පාසල් සඳහා ද මෙම වැඩසටහන ආරම්භ කරනවා.
අන්තර්කරණ ඩිජිටල් ඉගෙනුම් පහසුකම් සැපයීම හා ගුරුවරුන්ගේ ඩිජිටල් සාක්ෂරතාව හා තාක්ෂණික නිපුණතා ඉහළ නැංවීම ඇතුළත් වසර 5ක් සඳහා වූ මෙම වැඩසටහන් වෙනුවෙන් රු. මිලියන 96,500 ක ඇස්තමේන්තුවක් කර තිබෙන අතර එහි මූලාරම්භය වෙනුවෙන් මෙම වසරේ වෙන් කර තිබෙන රු. මිලියන 4,000 ට අමතරව තවත් රු. මිලියන 3,000ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
මේ අනුව 2027 වර්ෂයේ ඩිජිටල්කරණය, ගුරු ධාරිතා සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, ගුරු විද්‍යාල, ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ, පාසල් ගොඩනැඟිලි, පාසල් විද්‍යාගාර හා ගුරු නේවාසිකාගාර සංවර්ධනය හා නවීකරණය ඇතුළු අනෙකුත් යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා රු. මිලියන 35,000ක් වෙන් කොට තිබෙනවා.


