භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට හූතී කැරළිකරුවන්ගෙන් ප්‍රහාර
10 July 2025
භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට හූතී කැරළිකරුවන්ගෙන් ප්‍රහාර
10 July 2025
රතු මුහුදේ යාත්‍රා කළ තවත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට හූතී කැරළිකරුවන් ප්‍රහාර එල්ල කර තිබේ.
හූති කැරළිකරුවන් රතු මුහුදේ භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට මෙම සතිය තුළ එල්ල කළ දෙවන ප්‍රහාරය මෙය වේ.
ප්‍රහාරයෙන් අනතුරුව නෞකාව මුහුදුබත් වී ඇති අතර ඉන් කාර්ය මණ්ඩල සාමාජිකයින් 06 දෙනෙකු දිවි බේරාගෙන තිබේ.
ඉන් කිහිපදෙනෙකු හූතී කැරළිකරුවන් විසින් පැහරගෙන ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ලයිබීරියානු ධජය සහිත ග්‍රීක එටර්නිටි සී නෞකාවට ප්‍රහාරය එල්ල කරන අවස්ථාවේ කාර්ය මණ්ඩලය සාමාජිකයින් 25 දෙනෙකු එහි සිට ඇතැයි සඳහන් වේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, නෞකාව මුහුදුබත් වීමෙන් කාර්ය මණ්ඩල සාමජිකයින් 15 දෙනෙකු පමණ අතුරුදන් වී ඇති බවයි.
අදාල නෞකාව ඊශ්‍රායලය බලා යාත්‍රා කිරිම හේතුවෙන් ප්‍රහාර එල්ල කළ බව හුති කැරළිකරුවන් පවසා තිබේ.