brand logo
logo
දුෂ්කර ගම්මාන 6ක දරුවන් සහභාගී වූ උපන්දින සාදය

දුෂ්කර ගම්මාන 6ක දරුවන් සහභාගී වූ උපන්දින සාදය

26 August 2026 | පාලිත ආරියවංශ - බදුල්ල

‍‍

ජිවිතයේ කිසිම දවසක උපන් දිනය සාදයක් දැක නැති දරුවන් 500 දෙනෙකු වෙනුවෙන් සංවිධානය කළ උපන්දින සාදයක් බදුල්ල දිස්ත්‍රික්කයේ මීගහකිවුල ප්‍රා‍දේශීය ලේකම් කොට්ඨාශයට අයත් කළුගහකඳුර මහා විද්‍යාලයීය පරිශ්‍රයේදී පසුගියදා පැවැත්විණ.


පිටමාරුව, වැවතැන්න, කෝමාරික, කළුගහකඳුර, මොරහෙල සහ වටගොම්මන යන දුෂ්කර ගම්මානයන්හි ජීවත්වන මෙම දරුවන් අතරින් දස දෙනෙකුගේ උපන්දිනය මෙදිනට යෙදී තිබිණි..


එම දරුවන් විසින් උපන් දින කේක් එක කැපූ අවස්ථාවේ ඔවුන්ට උපන් දින ත්‍යාගයක් පිරිනැමීම ද සිදුකර තිබේ.


සතුට සැමරීම සදහා දැරියන් 80 දෙනෙකුගේ සහභාගිත්වයෙන් රංගනයක් ද ඉදිරිපත් කර තිබිණි.


ප්‍රවීන කලාකරු රොඩ්නි විදානපතිරණ මහතා ගැයුමෙන් සහ නර්ථනයෙන් ළමුන්ට විනෝදයක් ලබා දුන්නේය.


බදුල්ල සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය, සහ මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහයෝගය ඇතිව වර්ල්ඩි විෂන් ලංකා සංවිධානය විසින් මෙම උත්සවය සංවිධානය කර තිබිණි.



 

More News..