යළි ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවසර
31 May 2024
යළි ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවසර
31 May 2024
තාවකාලිකව නවතා ඇති වයස මාස 06 ත් අවුරුදු 3ත් අතර දරුවන්ට ලබා දෙන ත්‍රිපෝෂ නිෂ්පාදනය, යලි ආරම්භ කිරීම සඳහා අවසර ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පාර්ලිමේන්තු සංසදය හමුවේ මේ බව පැවසීය.
ඒ අනුව නිශ්චිත කාල සීමාවකට, දිවයිනේ පෝෂණ අවශ්‍යතා හඳුනාගත් දරුවන් උදෙසා ලබාදීම සඳහා මෙලෙස කොන්දේසි සහිතව ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා අවසර ලබාදුන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.