පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කළාට රුපියල් මිලියනයක දඩයක්
26 July 2026
පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කළාට රුපියල් මිලියනයක දඩයක්
26 July 2026
නියමිත මිල ඉක්මවා පානීය ජල බෝතල් අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරදකරු වූ ඇල්ල ප්‍රදේශයේ පිහිටි සංචාරක ආයතනයකට රුපියල් මිලියනයක දඩ මුදලක් නියම කිරීමට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය පියවර ගෙන තිබේ.
පසුගිය 10 වන දින පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් සිදු කළ වැටලීමකදී අදාළ ආයතනය මගින් නියමිත මිල ඉක්මවා පානීය ජල බෝතල් අලෙවි කිරීම පිළිබඳ අනාවරණය වී ඇත.
ඒ අනුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරීය පනතේ නීතිරීති හා විධිවිධාන උල්ලංඝනය කිරීම හේතුවෙන් එම ආයතනයට එරෙහිව නඩු පැවරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබේ.
ඒ අනුව පසුගිය 22 වැනි දින මෙම නඩුව බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී විත්තිකාර සමාගම අදාළ චෝදනාවට වරද පිළිගෙන ඇත.
ඒ අනුව අධිකරණය විසින් එම සමාගමට එරෙහිව රුපියල් මිලියනයක දඩ මුදලක් නියම කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

