brand logo
logo
 ත්‍රීරෝද රථයක් සහ ලංගම බස් රථයක් එකිනෙක ගැටෙයි

ත්‍රීරෝද රථයක් සහ ලංගම බස් රථයක් එකිනෙක ගැටෙයි

25 September 2026 | රංජිත් රාජපක්ෂ-හැටන්


අධික වේගයෙන් ධාවනය වූ ත්‍රීරෝද රථයක් සහ ලංගම බස් රථයක් අනතුරට පත් විමෙන් ත්‍රීරෝද රථයේ ගමන් ගත් රියදුරා බරපතල ලෙස තුවාල ලබා දික්ඔය මුලික රෝහල අද (25) දින ඇතුලත් කල බව නෝර්වුඩ් පොලිසිය පැවසීය.


අද දින පස්වරු 2:30ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ දික්ඔය මූලික රෝහල ආසන්නයේදිය.


හැටන් සිට නෝර්වුඩ් දක්වා ධාවනය වූ ත්‍රීරෝද රථයක් සහ මස්කෙළිය සාමිමලේ සිට හැටන් දක්වා ධාවනය වු ලංගම බස් රථයකුයි මෙසේ අනතුර පත් වී ඇත්තේ.


ත්‍රීරෝද රථ රියදුරා සිය ජංගම දුරකථනයෙන් කථා කරමින් ත්‍රීරෝද රථය අධික වේගයෙන් ධාවනය කර ඇති බවත්, ත්‍රීරෝද රථයේ වේගය පාලනය කර ගත නොහැකිව ත්‍රීරෝද රථය ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු ලංගම බස් රථයේ මුහුණේ සහ බදේ ගැටී මෙම අනතුර සිදු වී ඇති බවයි නෝර්වුඩ් පොලිසියේ රථවාහන අංශයේ නිළධාරින් කියා සිටියේ.


අනතුරින් ත්‍රීරෝද රථය දැඩි අලාභ හානි සිදු වී ඇති අතර, බස් රථයේ මුහුණත සහ බද කොටසට අලාභ හානි සිදු වී ඇත.


ත්‍රීරෝද රථ රියදුරාගේ නොසැලකිලිමත් රිය ධාවනය අනතුරට හේතු වී ඇති බව අනතුර පිලිබද පරික්ෂණ පවත්වන නෝර්වුඩ් පොලිසිය සැකකරයි.

 

More News..