ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශ්ව සෞඛ්‍ය සමාලෝචනය ලංකාවේ
25 August 2026
ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශ්ව සෞඛ්‍ය සමාලෝචනය ලංකාවේ
25 August 2026
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශිත විශ්ව සෞඛ්‍ය සහ පෙර සුදානම් සමාලෝචනය ශ්‍රී ලංකාව තුළ පැවැත්වීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් එම සංවිධානයේ සාමාජික රටවල සෞඛ්‍ය හදිසි අවස්ථා හඳුනා ගැනීම, වළක්වා ගැනීම සහ ඒවාට ප්‍රතිචාර දැක්වීම සඳහා වන හැකියාව වර්ධනය කිරීම අරමුණු කර ගනිමින් සමාලෝචනයට ලක්වන රටේ මූලිකත්වයෙන් සහ අනෙකුත් රටවල සම සමාලෝචනයෙන් නව ස්වේච්ඡා ඇගයීම් ක්‍රමයක් පැවැත්වීම ආරම්භ කරනු ලැබ තිබේ.
"විශ්ව සෞඛ්‍ය සහ පෙර සුදානම් සමාලෝචනය" යන නමින් හඳුන්වනු ලබන එම ඇගයීම, 'මුළු රජයම' සහ 'මුළු සමාජයම' යන සංකල්පය අනුව ඉහළම මට්ටමේ රජයේ කැපවීම සහ දේශපාලන නායකත්වයේ සහය මත සිදු කරනු ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් එම සමාලෝචනය පැවැත්වීම පිණිස ශ්‍රී ලංකාවට කරනු ලැබ ඇති ආරාධනය සඳහා ශ්‍රී ලංකා රජය විසින් එකඟතාව පළ කරනු ලැබ තිබේ.
එම සමාලෝචනය මඟින් මෙරටට අදාළව මීට පෙර සිදු කරනු ලැබ ඇති සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ ජාතික හා ජාත්‍යන්තර තක්සේරු ක්‍රියාවලි වලින් ඔබ්බට ගොස් සෞඛ්‍ය ආරක්ෂාව සඳහා අන්තර්-අංශීය සම්බන්ධීකරණ ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීම, ප්‍රශස්ත පාලන ව්‍යුහයන් ගොඩනැගීම සහ මූල්‍ය කැපවීම තහවුරු කිරීමට හැකි වනු ඇත.
ඒ අනුව, සෞඛ්‍ය ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම තවදුරටත් තහවුරු කරමින් 'විශ්ව සෞඛ්‍ය සහ පෙර සුදානම් සමාලෝචනය' ශ්‍රී ලංකාවේ පැවැත්වීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

