ශ්‍රී ලංකා නීතීඥ සංගමය අද පාර්ලිමේන්තුවට නොඑන බව දැනුම්දෙයි
20 August 2026
ශ්‍රී ලංකා නීතීඥ සංගමය අද පාර්ලිමේන්තුවට නොඑන බව දැනුම්දෙයි
20 August 2026
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දැනුවත් කිරීම සඳහා අද දිනයේ දී ශ්‍රී ලංකා නීතිඥ සංගමයට පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙසට සිදුකළ ආරාධනය සම්බන්ධයෙන් එම සංගමය විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.
අදාළ ලිපිය මඟින් විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලා ඇත්තේ, පක්ෂ විපක්ෂ දෙපාර්ශ්වයේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වය සහතික කළ හැකි අවස්ථාවක් උදාවෙන තුරු මෙම දැනුවත් කිරීමේ වැඩසටහන කල්දැමීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසය.
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දැනුම්වත් කිරීම ඉතා කාලෝචිත යෝජනාවක් බව ද එම ලිපියේ සඳහන්ව ඇත.
එය ජාතික වැදගත්කමක් ඇති බැවින් මේ පිළිබඳ පක්ෂ විපක්ෂ භේදයකින් තොරව එකඟතාවයක් ඇති කරගනු ඇතැයි තම සංගමය බලාපොරොත්තු වන බවද නීතිඥ සංගමය අදාළ ලිපිය මඟින් දැනුම්දී ඇත.

