brand logo
logo
  හැටන් නගරයට යලිත් තද වැසි

හැටන් නගරයට යලිත් තද වැසි

11 November 2026 | සිතාර ඉරාෂ් - වටවල


හැටන් නගරයට (11) දින පස්වරු 2:00 සිට යලිත් අධික වර්ෂා පතිත වීමෙන් පාසල් ළමුන් ඇතුලු හැටන් නගරයට පැමිණ සිටි පාරිභෝගිකයන් දැඩි ලෙස අසීරුතාවයට පත් විය.


හැටන් නගරයේ වැසි ජලය ප්‍රධාන මාර්ගය දිගේ ගලා යෑම හේතුවෙන් එම්.ආර්. නගරයේ මෙන්ම හැටන් මල්ලිඅප්පු ප්‍රදේශයේ රථවාහන ගමනා ගමනයට දැඩි බාධා වී තිබුණි.


හැටන් නගරයේ වැසි ජලය බැස යෑම සදහා ජලය ගලා බසිනා කාණු පද්ධති සහ ඇළ මාර්ග ප්‍රතිසංස්කරණය කිරිමට හැටන් දික්ඔය නගර සභාව මේ වන විට පියවර ගෙන ඇත.


 

More News..