සීයා පැදවූ කැබ් රියට යටවී පුංචි සිඟිත්තිය අවසන් ගමන්යයි
06 September 2026
සීයා පැදවූ කැබ් රියට යටවී පුංචි සිඟිත්තිය අවසන් ගමන්යයි
06 September 2026
කිලිනොච්චිය, උරුත්තිරපුරම්, ශිවනගර් ප්‍රදේශයේදී සීයා විසින් පැදවූ කැබ් රථයකට යටවීමෙන් අවුරුදු එකහාමාරක් වයසැති කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
නිවසේ මිදුලේ නවතා තිබූ කැබ් රථය සීයා විසින් පසුපසට ගැනීමට යාමේදී දැරිය ඒ දෙසට පැමිණ ඇති අතර එහිදී ඇය කැබ් රථයේ රෝදයට හසු වී ඇත.
අනතුරින් බරපතළ තුවාල ලැබූ දැරිය වහාම කිලිනොච්චිය රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණද, ඒ වන විටත් ඇය මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.
මියගිය දැරියගේ මෘත ශරීරය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමෙන් අනතුරුව ඥාතීන් වෙත භාරදීමට කටයුතු යොදා තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

