brand logo
logo
මදුරු කීටයන් සහිත ස්ථාන 13ක් පවත්වාගෙන ගිය නිවාස හිමිකරුවන් පිරිසකට නඩු

මදුරු කීටයන් සහිත ස්ථාන 13ක් පවත්වාගෙන ගිය නිවාස හිමිකරුවන් පිරිසකට නඩු

10 July 2026

වත්තල ප්‍රදේශයේ සිදුකරනු ලැබූ විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් මගින් නිවාස 375ක් පරීක්ෂාකර ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන මෙන්ම, මදුරු කීටයන් සහිත ස්ථාන 13ක් පවත්වාගෙන ගිය නිවාස හිමිකරුවන් පිරිසකට එරෙහිව නඩු පවරා තිබේ.

ගම්පහ දිස්ත්‍රික්කය තුළ මේ වන විට ඩෙංගු රෝග ව්‍යාප්තියේ ඉහළ අධි අවදානම් තත්ත්වයක් වාර්තා වන අතර, මෙරටින් වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන්ගෙන් දෙවැනි ඉහළම ප්‍රතිශතය (දළ වශයෙන් 18% කට වඩා වැඩි ප්‍රමාණයක්) වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි. 

ඉන් සැලකිය යුතු ඉහළ ප්‍රතිශතයක් බියගම, කැලණිය සහ වත්තල යන ප්‍රදේශ වලින් වාර්තා වෙමින් පවතී.

එම තත්ත්වය තුළ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිවාස පරිශ්‍ර රැසක මදුරු කීටයන් සිටින බව තහවුරු වී ඇති බැවින්, මේ වන විටත් සෞඛ්‍ය අංශ විසින් එම කලාපය තුළ නීතිය දැඩිව ක්‍රියාත්මක කරමින් "රතු නිවේදන" නිකුත් කිරීම සහ දඩ මුදල් අය කිරීම් ඉහළ නංවා තිබේ. 

 

More News..