මගේ මනාලයා රවීන් අයියා කිව්වම හොඳටම බය වුණා
13 November 2026 | ලක්ෂාන් ජයසූරිය
මගේ මනාලයා රවීන් අයියා කිව්වම හොඳටම බය වුණා
13 November 2026 | ලක්ෂාන් ජයසූරිය
ටී.වී දෙරණ නාලිකාවේ විකාශයවන හත්වෙනි මනාලි ටෙලිනාට්‍යයේ පළමු මනාලිය වුණ මානසී ගැන රසිකයො මේ දිනවල නිතර කතබහ වෙනවා. නවක රංගන ශිල්පිනියක්වන චනුෂි දෙව්මිණී තමයි මානසීගේ චරිතය රඟපාන්නෙ. මනාලියක් වෙලා පුංචි තිරයට පැමිණීම ගැන චනුෂි එක්ක කතා කරන්න අපි හිතුවා.
චනුෂි ගැන විස්තර මොනවද?
මගේ නම චනුෂි දෙව්මිණී උපන් ගම සීදූව. හැබැයි මේ වෙද්දි පදිංචිවෙලා ඉන්නෙ අරංගල. මම වෘත්තියෙන් වේදිකා නාට්‍ය සහ ටෙලිනාට්‍ය රංගන ශිල්පිනියක්.
රංගනයට ආවේ කොහොමද?
මම අ.පො.ස උසස්පෙළ විභාගයට නාට්‍ය හා රංගකලාව විෂය හැදෑරුවා. ඒත් එක්කම තමයි රංගන ශිල්පිනියක් වෙන අදහස මට ඇතිවුණේ. හැබැයි මම උපාධිය හැදෑරුවේ ව්‍යාපාර කළමනාකරණ විෂය ධාරාවෙන්. උපාධිය වෙනත් විෂයකින් හැදෑරුවට රංගන ශිල්පිනියක් වෙන අදහස මගේ හිතෙන් ගියේ නැහැ. ඉතින් උපාධිය හදාරන ගමන් මගේ උසස් පෙළ නාට්‍ය හා රංගකලා ගුරුවරයා අකිල සපුමල් මානවඩු සර් යටතේ මම රංගනය හදාරලා වේදිකා නාට්‍යවලට සම්බන්ධ වුණා. මගේ මුල්ම වේදිකා නාට්‍ය වුණේ ගයාන් සඳකැළුම් අධ්‍යක්ෂණය කරපු "මේක ආදර කතාවක්" නාට්‍ය. වේදිකා නාට්‍යවල රඟපාන අතරතුරේදි මට ටෙලිනාට්‍යවලට පිවිසෙන්න අවස්ථාව ලැබුණා. විසේකාරි ටෙලිනාට්‍යය තමයි මම රඟපාපු මුල්ම ටෙලිනාට්‍යය. ඒ විදිහට රංගන ක්ෂේත්රයට ආපු මගේ ස්ථීර වෘත්තීය රංගනය වෙලයි තියෙන්නෙ.
උපාධියට මොකද වුණේ?
ඉගෙනගත්ත දෙයක් කවදාවත් අපතෙ යන්නෙ නැහැ. උපාධිය හදාරන අතරතුරේදි මම පෞද්ගලික ආයතනයක අලෙවිකරණ අංශයේ රැකියාවක් කළා. අද මම රංගන වෘත්තිය කළාට ඉගෙනගත්ත දේවල් සහ රැකියාවේ අත්දැකීම් මගේ ජීවිතය ශක්තමත් කරන පිටුවහලක් විදිහටයි මම දකින්නෙ.
රංගන ශිල්පිනියක් වීම ගැන පවුලෙ අය මොනවද කිව්වෙ?
පවුලෙ ඉන්නෙ අම්මයි තාත්තයි. මම තමයි පවුලෙ ඉන්න එකම දරුවා. රඟපාන්න එන්න අම්මාගෙන් තාත්තාගෙන් අවසර ගන්නකොට අම්මයි තාත්තයි මුලින් ටිකක් අකැමැති වුණා. මම ඊටපස්සෙ රඟපාන නිර්මාණ ගැන සහ නිෂ්පාදන කණ්ඩායමවල කවුද ඉන්න පුද්ගලයො කියලා අම්මටයි තාත්තයි පැහැදිලි කළා. ඊටපස්සෙ අම්මයි තාත්තයි මට ඉඩ දුන්නා රංගන ක්ෂේත්රයට එන්න.
චනුෂි පවුල ඇතුළේ මොනවිදිහෙ කෙනෙක්ද?
පවුල ඇතුළේ මම බොහොම අහිංසකව අම්මවයි තාත්තවයි බලාගෙන ජීවත්වෙන සරල ගැහැනු ළමයෙක්.
එකා යකා කියන කතාව බොරුවක්ද එතකොට?
ඔව්. අහිසංක නිසා එකා යකා කියන කතාව මට අදාළ වෙන්නෙ නැහැ. මාව දකින ගොඩක්දෙනා කියන්නෙත් එකා යකා කියන කතාව පිළිගන්න බැහැ කියලා.
චනුෂි හත්වෙනි මනාලි ටෙලිනාට්‍යයේ මානසී වුණේ කොහොමද?
රංගන ශිල්පිනී අනෝමා කුමුදුනී ආන්ටිගේ නිර්දේශය මත ප්‍රදීප් මානවඩු අයියා තමයි හත්වෙනි මනාලි ටෙලිනාට්‍යයේ මානසීගේ චරිතයට මට ආරාධනා කෙරුෙව්. මානසී කියන්නෙ නර්තන ගුරිවරියක් නිසා චරිතෙ වටපිටාවට මම ආස වුණා. පුංචි කාලෙදී මගේ හිතේ තිබුණා නර්තන ගුරුවරියක් වෙන්න. හැබැයි ඒ බලාපොරොත්තුව ඉෂ්ට වුණේ නැහැ. ඉතින් නර්තන ගුරුවරියකගේ චරිතයකින් ආරාධනාව එනකොට මට සතුටු හිතුණා. හැබැයි මේ නර්තන ගුරුවරියට මනාලියක් වෙන්න වෙනවා කියලා ප්‍රදීප් අයියා කියනකොට මම ටිකක් තිගැස්සුණා. මම ප්‍රදීප් අයියාගෙන් ඇහුවා කවුද මගේ මනමාල මහත්තයා කියලා. එතකොට තමයි ප්‍රදීප් අයියා මට කිව්වෙ මගේ මනමාල මහත්තයා රවීන් කනිෂ්ක කියලා. මම එතකොට තවත් බය වුණා. හැබැයි ඉතින් කොච්චර බය වුණත් අවසානයේ මම හත්වෙනි මනාලි ටෙලිනාට්‍යයේ මානසී වෙන්න තීරණය කළා.
චනුෂිට රවීන්ව මුණගැහුණ අත්දැකීම ගැන කියමුද?
රවීන් අයියව මීට කලින් මම හම්බෙලාවත් දැකලාවත් තිබුණේ නැහැ. හත්වෙනි මනාලි ටෙලිනාට්‍යයේ රූගතකරද්දී නුවරදී තමයි රවීන් අයියව මට මුලින්ම මුණ ගැහුණෙ. මම හිතාගෙන හිටියෙ රවීන් අයියා ප්‍රසිද්ධ නළුවෙක් නිසා හෙන ආඩම්බරයෙන් ඇති කියලා. හැබැයි රවීන් අයියා හරිම හොඳ නිහතමානී රංගන ශිල්පියෙක්. රවීන් අයියා ඉන්නකොට දර්ශන තලය පාළු නැහැ. නිතරම විහිළු තහළුවලින් තමයි රවීන් අයියා හැමෝම එක්ක කතාබහ කරන්නෙ.
මනමාලයෙක් බලන්න ආපු අත්දැකීම්වලට මීට කලින් මුහුණදීලා තියනවද?
අනේ නැහැ. ආදරය කරලා අත්දැකීම් තිබුණට චාරිත්‍රානුකූලව මාව බලන්න ගෙදරට නම් තවම කවුරත් ඇවිත් නැහැ. ඒ නිසා ඔසරි ඇඳලා බුලත් හෙප්පු පිළිගන්වලා මනමාලියක් වීම මට අලුත් අත්දැකීමක් වුණා.
ඔසරිය පිටින්ම මනමාලයා එක්ක දුවන්නත් වුණා නේද?
ඔව්. ඔසරියත් ඇඳගෙන, මාව බලන්න ආපු රවීන් අයියගේ අතිනුත් අල්ලගෙන කඳු පාරක් උඩට දුවගෙන යන්න තිබුණ අත්දැකීම මගේ රංගන ජීවිතයේදි මට දැනුන ලස්සනම අභියෝගාත්මක අත්දැකීමක් වුණා. එතනදි ඔසරිය පැටලිලා මාව ලිස්සලා වැටෙයිද කියන බයත් මට තිබුණා. හැබැයි මේ දර්ශනය රූගත කරන්න කලින් මම ඒ රඟපෑම ගැන හිතින් මවාගත්තා. ඒ නිසා ගැටලුවක් වෙන්නෙ නැතුව ඇත්ත විදිහටම මට ඒ රංගනය කරන්න පුළුවන් වුණා.


