brand logo
logo
ලෝක ප්‍රවෘත්ති දිනය සහ ජාත්‍ය­න්තර තොර­තුරු දැන­ගැ­නීමේ දිනය අදයි

ලෝක ප්‍රවෘත්ති දිනය සහ ජාත්‍ය­න්තර තොර­තුරු දැන­ගැ­නීමේ දිනය අදයි

28 September 2026


ලෝක ප්‍රවෘත්ති දිනය සහ ජාත්‍යන්තර තොරතුරු දැනගැනීමේ දිනය අදට (28) යෙදී තිබේ.


ඒ වෙනුවෙන් සංවිධානය කළ සැමරුම් උත්සවයක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී අද (28) පැවැත්විණි.


සත්‍ය තොරතුරු මත පදනම් වූ මාධ්‍යවේදයේ (Fact-based journalism) වැදගත්කම සහ වගකිවයුතු විශ්වාසනීය ජනමාධ්‍ය කලාවක ඇති අත්‍යවශ්‍යතාවය පිළිබඳව ලෝකය දැනුවත් කිරීමේ අරමුණින් 2018 වසරේදී කැනේඩියානු ජනමාධ්‍ය පදනම (CJF) සහ ලෝක කර්තෘවරුන්ගේ සංසදය (WEF) එක්ව ලෝක ප්‍රවෘත්ති දිනය (World News Day) ප්‍රකාශයට පත් කළේය.


මෙවර එහි තේමාව “කරුණු දැනගැනීම, ඒවායේ අදාළත්වය වටහා ගැනීම සහ විශ්වාසනීය ජනමාධ්‍යයක් තෝරාගැනීම” යන්නය.


විශ්වාසදායක මාධ්‍ය කලාව ප්‍රවර්ධනය, මාධ්‍ය සාක්ෂරතාව වර්ධනය කිරීම සහ මාධ්‍යවේදීන් දිරිමත් කිරීම ලෝක ප්‍රවෘත්ති දිනය පිහිටුවා ගැනීමේ මූලික අරමුණු ලෙස සැලකේ.

 

More News..