කොළඹ අවට සියදිවි නසාගැනීම් අඩුවෙලා
17 April 2026 | වරුණි පෙරමුණ
කොළඹ අවට සියදිවි නසාගැනීම් අඩුවෙලා
17 April 2026 | වරුණි පෙරමුණ
පසුගිය වසරවලට සාපේක්ෂව කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලින් වාර්තා වූ සිය දිවි නසාගැනීමේ සිදුවීම් සංඛ්‍යාවේ අඩුවීමක් දක්නට ලැබේ. කොළඹ ජාතික රෝහලේ හදිසි මරණ පරීක්ෂක කාර්යාලයේ හදිසි මරණ පරීක්ෂක අෂ්රෆ් රූමි ප්‍රකාශ කළේ මේ වනවිට සිය දිවි නසාගැනීමේ සිදුවීමක් වාර්තා වන්නේ මාස තුනකට පමණ වතාවක් පමණක් බවයි.
පසුගිය වසරවලට සාපේක්ෂව කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලින් වාර්තා වූ සිය දිවි නසාගැනීමේ සිදුවීම් සංඛ්‍යාවේ අඩුවීමක් දක්නට ලැබේ.
මේ අතර පසුගිය වසර දෙකේදි මාසයකට සිය දිවි නසාගැනිමේ සිදුවීම් පහක් පමණ වාර්තා විය. නමුත් මේ වනවිට සියදිවි නසැගැනීමේ සිදුවීම් අඩුවි ඇති අතර එය ඉතා හොඳ තත්ත්වයක් බවද හදිසි මරණ පරික්ෂකවරයා ප්‍රකාශ කළේය.
පසුගිය වසරවල දත්ත පිරික්සීමේදී හෙළිවන්නේ වසරකට මෙරට පුද්ගලයින් හාරදහසක් පමණක කුමන හෝ හේතුවක් මත සිය දිවි නසා ගන්නා බවත් සෑම තත්ත්පර හතළිහකට වරක් ලෝකයේ එක් පුද්ගලයකු සිය දිවි නසා ගන්නා බවත්ය.
විශේෂයෙන්ම අවුරුදු 15 - 40 අතර වයස් කාණ්ඩයේ පුද්ගලයින් වැඩි වශයෙන් සියදිවි නසාගන්නා බවද සමීක්ෂණවලින් හෙළිව තිබේ.
එසේම පසුගිය වසර කිහිපයේදී අවුරුදු 13-15ත් සහ 16 - 17 අතර වයස් කාණ්ඩවල පාසල් සිසුන් පිරිසක් ඉල්ලක කරගනිමින් සිදුකළ සමීක්ෂණයකින් හෙළිව ඇත්තේ ඉන් සියයට පහළොවයි දශම හතරක (15.4%) පිරිසක් සියදිවි නසා ගැනීමට උත්සාහා කර ඇති බවත් දරුවන් නවයයි දශම හයක (9.6%) පිරිසක් සියදිවි නසා ගෙන ඇති බවත්ය.

