නයිජීරියාවේ බෝට්ටුවක් පෙරළී 60ක් මරුට
04 September 2025
නයිජීරියාවේ බෝට්ටුවක් පෙරළී 60ක් මරුට
04 September 2025
උතුරුදිග නයිජීරියාවේ ගංගාවක මගී ප්‍රවාහන යාත්‍රාවක් පෙරළී යාමෙන් අනතුරක් සිදුව තිබේ.
එරට වාර්තා සඳහන් කළේ අනතුරින් පුද්ගලයින් 60 දෙනෙකු මියගොස් ඇති බවය.
ගංගාවේ ගිලී තිබූ ගසක කොටසක ගැටී අනතුර සිදුව තිබූ අතර ඒ වන විටත් යාත්‍රාවේ ධාරිතාව ඉක්මවා සියයකට වැඩි මගීන් පිරිසක් එහි යාත්‍රා කරමින් සිට තිබුණි.
අනතුරින් මියගිය පිරිස අතර ළමුන්ද සිටින බව එරට වාර්තා සඳහන් කළේය.
එහිදී ගංගාවේ ගිලෙමින් සිටි කිහිප දෙනෙකු බේරා ගැනීමට බලධාරීන්ට හැකිව ඇති අතර අනතුරින් අතුරුදන් පිරිස් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.