ඩෙංගු රෝගීන් ගණන ලක්ෂය ඉක්මවයි
28 September 2026
ඩෙංගු රෝගීන් ගණන ලක්ෂය ඉක්මවයි
28 September 2026
මෙරටින් වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව අද (28) වන විට ලක්ෂය ඉක්මවා ගොස් ඇති බව බස්නාහිර පළාතේ වැඩබලන නියෝජ්‍ය පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය නවින්ද සොයිසා මහතා පවසයි.
අද දෙරණ BIG FOCUS වැඩසටහනට එක්වෙමින් විශේෂඥ වෛද්‍යවරයා මේ බව අනාවරණය කළේය.
පසුගිය මාසවලට සාපේක්ෂව මේ වන විට දෛනිකව වාර්තා වන රෝගීන්ගේ සංඛ්‍යාවේ යම් අඩුවීමක් දක්නට ලැබුණද, අවදානම සම්පූර්ණයෙන්ම පහව ගොස් නොමැති බවද ඒ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
එමෙන්ම පළාත් 7ක් තවමත් අධි අවදානම් මට්ටමේ පවතින බවද මෙහිදී අනාවරණය විය.
මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි අනුගමනය කිරීමට මහජනතාව වගබලා ගත යුතු බව ද විශේෂඥ වෛද්‍ය නවින්ද සොයිසා මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

