කීරි සම්බා සහල් මිල ඉහළට
02 July 2025 | සාලිය කුමාර ගුණසේකර / චාමර පල්ලේගෙදර
කීරි සම්බා සහල් මිල ඉහළට
02 July 2025 | සාලිය කුමාර ගුණසේකර / චාමර පල්ලේගෙදර
වෙළෙඳපොළේ කීරි සම්බා සහල් කිලෝවක සිල්ලර මිල රුපියල් 320 ක් දක්වා ඉහළ ගොස් ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ඉකුත් වසරේ (2024) දෙසැම්බර් මස 09 වැනිදා නිකුත් කරන ලද අති විශේෂ ගැසට් පත්‍රය අනුව කීරි සම්බා සහල් කිලෝවක් අලෙවි කළයුතු උපරිම සිල්ලර මිල රුපියල් 260 කි.
කීරි සම්බා කිලෝග්‍රෑම් පහක ඇසුරුමෙහි මිල ලෙස රුපියල් 1,300 ක් සඳහන්කර තිබුණද, තොග හා සිල්ලර වෙළෙඳසල්වල එම ඇසුරුම අලෙවි කරනු ලබන්නේ රුපියල් 1,600 කට බව පාරිභෝගිකයෝ කියා සිටිති.
මේ අතර, කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පාලනය වන හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්‌යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය විසින් නිකුත් කරන ලද සතිපතා ආහාර ද්‍රව්‍ය විවරණිකාවේ සඳහන්කර ඇත්තේ කීරි සම්බා සහ සම්බා පළමු ශ්‍රේණිය සහල් සඳහා සිල්ලර මිල ඉහළ ගොස් ඇති බවය. කොළඹ සහ ආසන්න වෙළෙඳපොළවල කීරි සම්බා කිලෝවක් සඳහා රුපියල් 280 ත් 320 ත් අතරද, සම්බා පළමු ශ්‍රේණිය කිලෝවක් සඳහා රපියල් 250 ත් 260 ත් අතරද මිල පරාසයක් පැවැති බවය.
සම්බා කිලෝවක් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල රුපියල් 240 කි.

