brand logo
logo
වසර 5ක් තුළ ඇඟලුම් කර්මාන්තය එකම තැන කම්කරු නීති වෙනස් කළ යුතුයි

වසර 5ක් තුළ ඇඟලුම් කර්මාන්තය එකම තැන කම්කරු නීති වෙනස් කළ යුතුයි

13 October 2026 | අනීෂා මානගේ

ඉන්දියාව සමග පවතින නිදහස් වෙළෙඳ ගිවිසුම ශක්තිමත් කිරීම, ජී.එස්.පී නව සහන යෝජනා ක්‍රමය සඳහා අයැදුම් කිරීම සහ කම්කරු නීති ප්‍රතිසංස්කරණය ශ්‍රී ලංකාවට තවදුරටත් කල්දැමිය නොහැකි බව ශ්‍රී ලංකා ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය පෙන්වා දෙයි.


ගෙවුණු වසර පහක කාලය තුළ මෙරට ඇඟලුම් අපනයන ආදායම ඩොලර් බිලියන පහ සීමාවේ රැඳී තිබීමෙන් පෙනී යන්නේ කර්මාන්තය ගැඹුරු ව්‍යුහාත්මක අභියෝගයකට මුහුණ දී ඇති බව එම සංසදය පෙන්වා දෙයි.


නිෂ්පාදකයන්ට වඩා විශ්වසනීය පිරිවැය පාලනය කළ හැකි තිරසර බලශක්ති විකල්පයක් ඔවුන්ට ලබා දිය යුතු බවද එම සංසදය සඳහන් කරයි. දෙදහස් තිහ වසර වනවිට ඩොලර් බිලියන 28ක අපනයන ආදායමක් සම්පූර්ණ කිරීමේදී කර්මාන්තශාලා විවෘත කිරීමෙන් හෝ නිෂ්පාදන ප්‍රමාණය පමණක් වැඩි කිරීමෙන් සාර්ථක කරගත නොහැකි බව ද එම සංසදය පෙන්වා දෙයි.


වටිනාකම් එකතු කිරීම, නවෝත්පාදනය, ස්වයංක්‍රීයකරණය, ඵලදායිතාව ඉහළ නැංවීම, නව අපනයන වෙළෙඳපොළ සොයායාම සහ ගෝලීය වටිනාකම් දාමයේ තවදුරටත් ඉහළට ගමන් කිරීම එම පරිවර්තනයේ ප්‍රධාන අංග විය යුතු බව ද එම සංසදය පෙන්වා දෙයි. ශ්‍රී ලංකාවට වඩාත් ශක්තිමත් ආයෝජන දිරිගැන්වීම් රාමුවක් අවශ්‍ය බවත් එම ආයෝජන ඇඟලුම් නිෂ්පාදන කම්හල්වලට පමණක් සීමා නොවිය යුතු බව පෙන්වා දෙයි. රෙදි නිෂ්පාදනය, යාන්ත්‍රික හා අලංකරණ උපාංග, ලේබල්, බොත්තම්, සිප් සහ ඇසුරුම් වැනි ක්ෂේත්‍ර ද ඇතුළත් වන පරිදි දේශීය නිෂ්පාදන කිරීම, දත්ත පදනම් කරගත් නිෂ්පාදන පාලනය සහ AI තාක්ෂණය උපයෝගී කරගැනීමේ අවශ්‍යතාව ශ්‍රී ලංකා ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය පවසයි.

 

More News..